May 17, 2013

Lanka ID Card Info v2.apk

අපි හැමෝටම අපේ අනන්‍ය තාවය ඔප්පු කරගන්න තියෙන දෙයක් තමයි ජාතික හැදුනුම්පත කියලා කියන්නේ. 1968 අංක 32 දරණ පුද්ගලයින් ලියාපදිංචි කිරිමෙි පනත යටතේ තමයි අපිව මෙහෙම ලියාපදිංචි කරන්නේ. මෙම ලියාපදිංචි කිරිම මගින්  අංක 09ක් සහ අක්ෂරයකින් සමන්විත  ඵක් පුද්ගලයෙකු ඵක් අංකය බැගින් වු සුවිශේෂි අංකයක් ලැබෙනව. ඵකට තමයි අපි කියන්නේ ජාතික හැදුනුම්පත් අංකය කියලා. අපේ ජාතික හැදුනුමිපත් අංකයේ අපි ගැන කොතරමී තොරතුරැ සැගවීලා තියෙනව කියලා ඔයාල දන්නවද....? 

නෑ නේද බැලු බැල්මටනමි ඵහෙම දෙයක් පෙනෙන්නේ නෑ...ඵ්ත් පහත පරිදි පොඩිඩක් හිතලා බලන්න....

උදාහරණයක්‌ හැටියට අපි  මෙහෙම ජාතික හැදුනුම්පත් අංකයක් ගමු. 901354212 V
මෙහි මුල් ඉලක්කම් 5 පමණක් බැලුවම, 90135. මුල් ඉලක්කම් 2න් කියවෙන්නේ ඉපදුනු අවුරුද්ද. අවසාන ඉලක්කම් 3 න් පෙන්වන්නේ ඉපදුනු දවසට,ජනවාරි 1 සිට ඇති දින ප්‍රමාණය.ඒ පිරිමි අය සඳහා.ගැහැණු අයට නමි, ජනවාරි 1 සිට,උපන්දිනයට ඇති දින ප්‍රමාණයට,තවත් 500 ක් එකතු කරලා ගන්න.ඵ් විදියට  උපන්දිනය සොයාගන්න පුළුවන් වගේම තමයි,   03 වෙනි ඉලක්කම 05 වැඩිය අඩුනමි පිරිමී 05 වැඩිනමි ඵ් ගැහැනු ළමයෙක්...  

ඉතින් අපි අද ඔබට ලබාදෙන Lanka ID Card Info මෘදුකංගයෙන් ඉතාමත්  පහසුවෙන් පහත තොරතු ලබාගැනීමට හැක.
01. උපන් දිනය.
02. දිනට වයස, වර්ෂ,  දින. වශයෙන්
03. ඉපදුනු දිනය
04. ගැහැණු / පිරිමී බව

මෘදුකංගය පහතින් බාගත කරගන්න.